2

Iranga.net ඇරඹී සිව් වසරයි – සමාජ මාධ්‍ය පිටුව ෆේස්බුක්හි නිල පිළිගැනීම ලබයි

  • September 30, 2019

Iranga.net වෙබ්අඩවිය ආරම්භ කර සිව් වසරක් සපිරෙන අද දිනයේ මා මෙම සටහන තබන්නේ ඉමහත් සතුටින් මෙන්ම නිහතමානී ආඩම්බරයක් හා අභිමානයක් ද සමඟිනි. ඒ දැනුම සොයා එන දහස් ගණනක් වන අන්තර්ජාල පාඨකයින්ගේ දැනුම පිපාසය සංසිඳවීමට මෙම වසර ගණනාව පුරා මා හට මෙම අන්තර්ජාල අවකාශය භාවිත කිරීමට හැකිවීම තුළින් මා ලද අමිල සතුට වචනවලට පරිවර්තනය කළ නොහැකි නිසාය. එම සතුට තවත් දෙගුණ තෙගුණ කරමින් මාගේ ෆේස්බුක් පිටුවට මීට දින කිහිපයකට පෙර නිල පිටුවක් ලෙස ෆේස්බුක් සමාගමේ තහවුරු කිරීම හිමිවීමේ සතුට ද Iranga.net සිව් වසරක ශාස්ත්‍රීය හා ලේඛන මෙහෙවරට ලද ආශිර්වාදයක් ලෙස මම සලකමි. එබැවින් Iranga.net සිව්වැනි සංවත්සරය වෙනුවෙන් මෙම සටහන මා තබන්නේ දැනුම සොයන සිංහල පාඨකයින්ගේ විශ්වාසය දිනාගත් වෙබ්අඩවියක් ලෙස පමණක් නොව සමාජ මාධ්‍ය තුළ මාගේ කාර්යභාරය ද ජාත්‍යන්තරව නිල පිළිගැනීමට ලක්වීමේ අභිමානය ද සමරමිනි.

මීට සිව් වසරකට පෙර සරසවි සිසුවෙකු ලෙස මා ශ්‍රී පාලි මණ්ඩපයේ සිටින අවධියේ මෙම වෙබ්අඩවිය මා ආරම්භ කළේ සරසවියෙන් මා ලද ශාස්ත්‍ර ඥානයෙන් ඇතිවූ උත්තේජනයෙන් සහ සරසවි පිවිසීමට පෙර වෙබ්අඩවි හා අන්තර්ජාල කටයුතු සම්බන්ධයෙන් මා ලද අත්දැකීම් උපයෝගී කර ගනිමිනි. මාගේ කල්‍යාණ මිතුරෙකු වන රුචිර වීරසිංහ සමග 2009 වසරේදී SriHUT නමින් වෙබ්අඩවියක් ආරම්භ කර වසරක පමණ කාලයක් පවත්වාගෙන ගිය අතර වෙබ්අඩවි පිළිබ‍ඳ මාගේ දැනුම වඩාත් මුවහත් වන්නේ ඉන් ලද පන්නරය හේතුවෙනි. ලේඛන කලාවට මා දැක්වූ උනන්දුව සමඟ එම තාක්ෂණික ඥානය මුසුකර Iranga.net බිහිකර අඛණ්ඩව සිව් වසරක් පවත්වාගෙන යාමේ සතුට විඳින මෙම මොහොතට මා ඔසවා තැබූ එම අතීතය ද මෙම මොහොතේ මම අභිමානයෙන් සිහිපත් කරමි. අන්තර්ජාලයත් සමඟ පැවති මාගේ එම අතීත සම්බන්ධතා “අන්තර්ජංජාලෙ මගේ ජීවිත කතාව හෙවත් බ්ලොග් සහ මම!” ලිපියෙන් කියවිය හැකිය.

Iranga.net ආරම්භ කර පසුගිය වසරට වසර තුනක් සපිරුණ අවස්ථාවේ මෙම වෙබ්අඩවියට මා ලියූ ලිපි අතරින් තෝරා ගනු ලැබූ ලිපි කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කරන්නට හැකිවීම ද මාගේ ලේඛන දිවියේ මා ලද තවත් ජයග්‍රහණයක් ලෙස මම සලකමි. “ජනමාධ්‍ය සහ සමාජ විචාර” නමින් එළිදැක්වුණු එම කෘතිය කවි කරුණාරත්න මහත්මියගේ “කවිවර ප්‍රකාශන” වෙතින් ප්‍රකාශයට පත්වුණි. අන්තර්ජාල අවකාශයෙන් ප්‍රථමයෙන්ම පාඨකයින් හමුවට ඉදිරිපත් වූ එම ලිපි පසුව සාම්ප්‍රදායික පාඨකයින් හමුවට මුද්‍රිත කෘතියක් ලෙස ඉදිරිපත් කිරීම නව ලේඛන ප්‍රවණතාවක් ලෙස ද ඉස්මතු වෙමින් පවතී. අජිත් ධර්මකීර්ති හා හෙන්රි වර්ණකුලසූරිය වැනි මා හිතවත් බ්ලොග් රචකයින්ගේ අන්තර්ජාල රචනා ද එසේ ග්‍රන්ථ ලෙස පාඨකයින් අතරට පැමිණ පාඨක ආකර්ෂණයට ලක්විය. එය එක්තරා අතකින් නව සාහිත්‍ය සංස්කෘතියක ප්‍රවේශයක් ලෙස හඳුන්වාදීම ද වරදක් නොවේ.

වසර හතරක් පුරා මාගේ ලිපි කියවීම තුළින් දැනුම හා තොරතුරු ලබාගැනීමට Iranga.net වෙත පැමිණි පාඨක ඔබට ස්තුතිවන්ත වෙමි. එසේම ඔබට දැනගැනීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු සඳහා ඕනෑම මොහොතක සමාජ මාධ්‍ය සබැඳි ඔස්සේ මා සමඟ සම්බන්ධ විය හැකිය. පාඨක ඔබ මාගේ ශක්තිය බව අවසාන වශයෙන් සඳහන් කරමි.

ගතවූ වසරේ වැඩිම පාඨක ආකර්ෂණයක් දිනා ගත් ලිපි

1. ව්‍යාපාරයක සාර්ථකත්වයට වැදගත් වන මානව සම්පත් කළමනාකරණය
2. සරසවි තුළ ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාව හා කොන්ඩම් භීතිකාව
3. සමාජ මාධ්‍ය කියන්නේ රකුසෙක්ද?
4. සල්ලාල පෙම්වතුන් අතින් වැනසෙන සරසවි සිසුවියන්ගේ ජිවිත
5. “සමාජ මාධ්‍ය සංස්කෘතිය” හෙවත් තොරතුරු යුගයට සංකල්පීය ප්‍රවේශයක්
6. ජනමාධ්‍ය සහ ප්‍රකාශන නිදහස සඳහා බලපාන නීති පිළිබඳ විමසුමක්
7. ලංකාවේ සෙක්ස් මියුසික් වීඩියෝ වලින් ගොඩ යන නිරූපිකාවන්ගෙයි වල පල්ලට යන ගායකයින්ගෙයි කතාව
8. ලාංකේය රුපවාහිනී වැඩසටහන් වර්ගීකරණයේ සුවිශේෂතා පිළිබඳ විමසුමක්
9. “ජනමාධ්‍ය සහ සමාජ විචාර” – අද්‍යතන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයට විචාරාත්මක ප්‍රවේශයක් සපයනු පිණිස
10. සරසවි ප්‍රේමයේ උත්කර්ෂය හෙවත් ඇය බලන්නට ගිය ගමන

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.

ආශ්‍රිත ලිපි
Iranga.net ආරම්භ කර අදට වසරයි! පාඨක ඔබ සැමට ස්තූතියි
Iranga.net දෙවසරක අකුරු හරඹය සමඟ රොද බැඳි පාඨක ඔබ සැමට තුති..!
තෙවසරක සිතුවිලි මෙහෙවරට ආශිර්වාද කළ පාඨක ඔබ සැමට ස්තූතියි..!

 1,359 total views,  1 views today

Comments

comments