ඔන්න ඉතින් දවස් කීපයකට පස්සෙ ආයෙත් හිතුවක්කාර සිතුවිලි වලට ලිපියක් ලියන්න හිතුණා. මේක ලියන්න ඕනි කියලා හිතුණෙ ඊයෙ පෙරේදා දැකපු අලුත් කොල්ලෙක්ගෙ මියුසික් වීඩියෝ එකක් නිසා. මොකද මියුසික් වීඩියෝ කිව්වට ඇත්තටම ඒවා මියුසික් වීඩියෝ ද එහෙමත් නැත්තම් සෙක්ස් වීඩියෝ ද කියලා හිතා ගන්න බැරි තරමටම සෙක්ස් දේවල් ඒ වීඩියෝ වලින් පෙන්නන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. අන්තිමට සින්දුවෙන් පස්සෙ මතක හිටින්නෙ ගායකයාවත් සින්දුවවත් නෙමෙයි ඒ සෙක්ස් සීන් වල හිටපු කෙල්ලව විතරයි. කොහොමින් කොහොම හරි ඕක ගැන හිත හිත හිතා ඉද්දි තමයි අපේ රටේ දැන් මියුසික් වීඩියෝ කලාවට මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා මෙහෙම ලියන්න හිතුණෙ.
ඒ විදිහට ගායකයා සහ සින්දුව කෙසේ වෙතත් මොඩෙල්ව මාකට් වෙන වීඩියෝ මුලින්ම හදන්න පටන් ගත්තෙ ඉරාජ්නෙ. මතකනෙ ඉතින් එහෙම හදපු ඉරාජ්ගෙ පළවෙනි වීඩියෝ එක. අර නදීෂා හේමමාලි කියන නිළියත් එකක් අලුත් කොල්ලෙක් දාලා කරලා තිබුණෙ. ඒකෙදි ඉතින් අර කොල්ලයි, නදීෂයි වාහනයක් ඇතුළෙ ලිප් කිස් කරන සීන් එකෙන්නෙ මේ සෙක්ස් ට්‍රෙන්ඩ් එක නැගලා ගියෙ. ඒ සින්දුව පටන් ගත්තෙත් “මං සිල් බිඳගත්තෙ” කියලනෙ. මට නම් හිතෙන්නෙ අන්තිමට ඒ සින්දුවෙන් පස්සෙ සිල් බිඳුනෙ ඉරාජ්ගෙවත් නදීෂගෙවත් නෙමෙයි අපේ රටේ නව පරපුරේ සින්දු කලාවෙ. මොකද ඇස් දෙක පියාගෙන සින්දු අහපු අපේ මිනිස්සුන්ට සින්දු හිට් කර ගන්න සින්දුත් එක්ක කෙටි චිත්‍රපට පෙන්නලා අන්තිමට එහෙමත් සින්දු හිට් වුණේ නැති වුණාම කෙල්ලෙක්ගෙ අඩනිරුවතයි ලිප් කිස් එකයි පෙන්නලා ඒ කෙල්ලගේ පියයුරුයි කලවයි හිට් වුණාම අන්තිමට අහපු සින්දුවක්වත් සින්දුව කියපු ගායකයෙක්ගෙ නමක් ගමක්වත් ඉතුරු වුණේ නැති නිසා.
ඉතින් ඉරාජ්ගෙ මේ සිල් බිඳගත්ත වීඩියෝ එකෙන් පස්සෙ තවත් සින්දු කීපයක්ම එයා ඒ විදිහට හැදුවනෙ. ඔන්න ඉතින් ඊට පස්සෙ ආයෙ එහෙම නැගලම ගියපු වීඩියෝ එකක් තමා අර කෙල්ලො දෙන්නෙක් වතුර වලක බැහැලා ලෙස්බියන් විදිහට හැසිරෙන වීඩියෝ එක. ඒකෙ තිබුණ අර කෙල්ලෙක්ගෙ තණපට ගලවන සීන් එකෙන්නෙ ඒක ගොඩක් හිට් වුණේ. ඔන්න ඉතින් ඊට පස්සෙ අපෙ අයියලා මල්ලිලා හැමෝම ඉන්ටර්නෙට් එක පීර පීර හොයන්න ගත්තා කාගෙද ඒ තණපට ගැලෙව්වෙ කියලා. ඒකෙනුත් ඉතින් සින්දුවේ අකුරක්වත් තාලයවත් අඩුමගානෙ සින්දුව මොකක්ද කියලාවත් මතක හිටියෙ නැති වුණාට අර කෙල්ලව නම් මතක හිටියා. මේ සටහන මෙහෙම ලියන්න ඕනි කියලා මට හිතුණ සින්දුවෙ හිටියෙත් ඉරාජ්ගෙ වීඩියෝ එකේ හිටපු කෙල්ල. එතෙන්ට මං පස්සෙ එන්නම්. මොකද ඒ ගැන කියන්න කලින් තව දේවල් ටිකක් කියන්න තියෙනවා.
ඉරාජ් අයියා මේ විදිහට පටන් ගත්ත ලංකාවෙ සෙක්ස් වීඩියෝ ට්‍රෙන්ඩ් එක ඇතුළෙ එයත් දිගටම එක එක සෙක්ස් දේවල් ගැන කතා කළා. එහෙම ඉතින් ඊට පස්සෙ එයාගෙ හිට් වුණ තවත් අඩනිරුවත් වීඩියෝ එකක් තමා අර කොන්ඩම් පැකට් එකයි සමහන් පැකට් එකයි පටලවා ගත්ත වීඩියෝ එක. ඒ වීඩියෝ එකෙනුත් ගොඩක්ම හිට් වුණ මොඩෙල් කෙනෙක් ගැන පස්සෙ කට්ටිය කතා කරන්න පටන් ගත්තා. ඒ තමා ඕෂධී. ඒ නිරූපිකාව ඉරාජ්ගෙ වීඩියෝ එකේ යට ඇඳුම්වලින් හිටපු සීන් එකෙන් තමා ගොඩක්ම හිට් වුණේ. ඕන් ඉතින් ඊට පස්සෙ ඉරාජ්ගෙ තවත් වීඩියෝ එකක් ආවා අර සමන්ත භද්‍ර හාමුදුරුවොත් සින්දුවේ අන්තිමට ඉන්න. ඒ වීඩියෝ එකෙත් කොන්ඩම් පාවිච්චිය වගේම සෙක්ස් කරන අඩ නිරුවත් දර්ශනත් තිබුණා. මට මතක විදිහට ගණිකා නිවාසයක සීන් එකක් ගැන තමා ඒ වීඩියෝ එකෙන් කතා කළේ. ඊට කලිනුත් කතන්දරේ කියලා වීඩියෝ එකක් ආවා ඒත් අර විදිහටම අඩ නිරුවත් දර්ශන තියෙන එකක්. ඔන්න ඉතින් ඊයේ පෙරේදා තව අලුත් එකක් ඇවිත් තියෙනවා ක්ලියෝපැට්රා කියලා. ඒකෙත් ඉතින් රාත්‍රී සමාජ ශාලාවක දර්ශන, අඩනිරුවත් දර්ශන වගේම විකෘති ලිංගික ක්‍රියා වල දර්ශනත් තියෙනවා. (මුලින්ම මේ ඡේදෙ පටන් ගද්දි මං ලිව්වෙ සෙක්ස් වීඩියෝ කලාව කියලා. ඒත් ඒකට කලාව කියලා කලාවට අගෞරව කරන්න ඕනි නැති නිසා සින්දුවක හිස් පිල්ලක් ඇලපිල්ලක් පවා විකුණගෙන කන දැන් මේ තියෙන මාකටින් ක්‍රමය ඇතුළෙ එහෙම කෙල්ලන්ගෙ අඩනිරුවත පෙන්නලා සින්දු හිට් කරන්න පටන් ගත්ත ඒ ක්‍රමයට ට්‍රෙන්ඩ් එකක් කියන එක ගොඩක් සුදුසුයි.)
කොහොමින් කොහොම හරි ඔන්න ඔය විදිහට ලංකාව ඇතුළෙ සෙක්ස් වීඩියෝ ට්‍රෙන්ඩ් එක සාමාන්‍ය තත්වයට පත්වුණා. ඒ නිසා සින්දු විදිහට ගොඩක් එන්න පටන් ගත්තෙ දිව්‍යාංගනාවො වගේ කෙල්ලන්ගෙ බාගෙට පියයුරුයි කලවයි පෙන්නන වීඩියෝ. ගූගල් එකේ වැඩියෙන්ම සෙක්ස් හොයපු අපේ රටේ මිනිස්සුන්ටත් මේක ඉතින් නියමෙටම සෙට් වෙනවනේ. ඒ නිසා අන්තිමට මියුසික් වීඩියෝ කිව්වට අලුතෙන් සින්දු ආවෙත් නෑ අලුතෙන් ගායකයො ආවෙත් නෑ. ආවෙ බගෙට ඇඟ පෙන්නලා කොල්ලො චූන් කරන කෙල්ලො ටිකක් විතරයි. උන් ඒ මියුසික් වීඩියෝ වල පිහිටෙන් ලංකාවෙ හිට් කැරැක්ටර්ස් වුණා. ඒ විදිහට අලුත් සින්දු වගේම ගායකයොත් නැත්තටම නැති වෙලා නිරූපිකාවො හිට් කරන සින්දු වීඩියෝ ට්‍රෙන්ඩ් එකක් අපේ රටේ බිහිවුණා.
මේ විදිහට ලිප් කිස් කරන එකයි සෙක්ස් කරන එකයි පෙන්නන සින්දු වීඩියෝ ට්‍රෙන්ඩ් එක ඇතුළෙ සෙක්ස් සීන් එකක් දා ගන්ට බැරි වුණ වීඩියෝ ඇතුළට අඩුම ගානෙ ලිප් කිස් එකක් දෙන සීන් එකක්වත් දා ගන්න ඒ වීඩියෝ හදන ගොඩක් අය ට්‍රයි කළා. ඒ හින්දා අන්තිමට ලිප් කිස් සීනුත් අපේ මේ සින්දු ඇතුළෙ නිතරම දකින්න පුළුවන් වුණා. එහෙම මං දැකපු එක වීඩියෝ එකක කොල්ලා ගෙදරට ආවට පස්සෙ කෙල්ල කොල්ලව කාමරේට එක්කන් ගිහින් ලිප් කිස් කරනවා. ඒ අතරෙ කෙල්ලගෙ අම්මා කාමරේට ඇවිල්ලා කොල්ලට ගහලා එළවනවා. ඔන්න ඒ සින්දුව මොකක්ද ගායකයා කවුද කියලාවත් මට නම් මතක නෑ ඒ වීඩියෝ ඒකට පින් සිද්ද වෙන්න.
මං මේ ලිපිය ලියන්න හිතපු වීඩියෝ එක වගේම තවත් එක වීඩියෝ එකක් ගැනත් මේකෙදි කියන්නම ඕනි කියලා මට හිතුණා. අර මං බලපු ළඟදි ආපු වීඩියෝ එක තමා අර ඉරාජ්ගෙ වීඩියෝ එකක ලෙස්බියන් සීන් එකක හිටපු කෙල්ල. ඒ කෙල්ල මේ අලුත් සින්දුවෙ බිකිනියක් ඇඳන් කොල්ලගෙ කකුල් උඩ වාඩිවෙනවා. ඊට පස්සේ බිකිනියේ උඩ කොටස ගලවන සීන් එකක් තියෙන්නෙ. මං හිතන්නෙ ඒ කෙල්ල නම් දැන් මියුසික් වීඩියෝ නිසා හුඟක්ම මාකට්. ඒ වගේම මං දැකපු අනිත් වීඩියෝ එකෙත් කියන්න බැරි තරම් ලස්සන කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලගෙත් බාගෙට පේන පියයුරුයි කලවා දෙකයි තමා ඒ වීඩියෝ එකේ තියෙන්නෙ. ඒ වගේම තවත් දෙයක්. ඒ තමා කොන්ඩම් එකකට බැලුමකට වගේ හුලං පුරවලා කොල්ලයි කෙල්ලයි එ්කෙන් සෙල්ලම් කරනවා. සෙල්ලම් කියන්නෙ බැලුම් සෙල්ලම්. ඔන්න ඔය විදිහට ලංකාවෙ මියුසික් වීඩියෝ වලට නැතුවම බැරි දේවල් හතරක් මට මේ වීඩියෝ බලලා හොයා ගන්න පුළුවන් වුණා. එකක් තමා ලිප් කිස් එක. දෙක කෙල්ලගේ හතරෙන් තුනක් පේන පියයුරු. තුන කෙල්ලගෙ නිරුවත් කලවා. හතර තමා කොන්ඩම් එක. කොහොමද නේද දැන් අපේ අය වෙනස් වෙලා තියෙන හැටි.
කොහොමින් කොහොම හරි මේ සටහන අවසන් කරන්න කලින් තවත් දෙයක් කියලම මේක අවසන් කරන්න ඕනි. ඒ තමා ඉරාජ්ලා වගේ අය අපේ සමාජෙ පොරවල්ලා විදිහට බිහිවුණේ කොහොමද කියන එක. ඒ තමා ලංකාවේ මීඩියා කල්චර් එක. ඒ කියන්නෙ ඉරාජ්ලා වගේ අයට මේ විදිහට අපේ රටේ කෙල්ලොන්ගෙ අඩ නිරුවත හිට් කරන ට්‍රෙන්ඩ් එකක් බිහිකරන්න කිරි පෙව්වෙ අපේ රටේ මීඩියා වලින්ම තමා. සින්දු කීපයක් හිට් වුණාම දැන් තමන් ලංකාවෙ පොරක් කියලා හිතන ගායකයො ටීවි ප්‍රෝග්‍රෑම් වලට ගෙන්නලා ඉන්ටව් තියන්නයි ඒ ගායකයොන්ට කියලා ප්‍රෝග්‍රෑම් කරවන්නයි පටන් ගන්නවා. ඉතින් ඔන්න ඊට පස්සෙ ඒ ගායකයා තමන් හදා ගන්න සමාජ බලයත් එක්ක ඕනෑම කුණුහරුපයක් සමාජෙ ඉස්සරහට දෙනවා. මුලින් කවුරු විරුද්ධ වුණත් ටික කාලෙකට පස්සෙ ඒ විදිහෙ කුණුහරුප දිගටම හැදෙන්න පටන් ගත්තට පස්සෙ ඒ දේවල් මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් වෙනවා. ඊට පස්සේ මිනිස්සු හොයන්නෙ හිතට දැනෙන සින්දුවත් සංගීතයවත් නෙමේ. අර කුණුහරුප. කොටින්ම කිව්වොත් ලිප් කිස් කරන විදිහයි අඩනිරුවත් නිරූපිකාව ගැනයි ඒ නිරූපිකාවගෙ පියයුරු වල විශාලත්වයයි කලවා වල මහතයි තමා මිනිස්සු හොයන්නෙ. ඒකට ඉතින් දැන් මේ සෙක්ස් සීන් දාලා අලුතෙන් සින්දු හදන කොල්ලොන්ට බැණලා වැඩක් නෑ. මොකද ඒ පරම්පරාවෙ සමහර උදවියම තමා මිනිස්සුන්ට සින්දු වෙනුවට සෙක්ස් ෆීලිං දෙන තැනට ඒ කලාව පත් කළේ. ඉතින් දැන්වත් මේ ක්‍රමය වෙනස් කරලා මිනිස්සුන්ගෙ හිතටයි පපුවටයි කතා කරන නව පරපුරේ ගීත කලාවක් බිහිවිය යුතුයි කියලයි මම නම් හිතන්නෙ. එහෙම ඒවා අතළොස්සක් හරි බිහිවෙනවා. ඒත් මිනිස්සු අතරට යනවා අඩුයි. මොකද ගොසිප් සයිට් වලින් වුණත් හිට් කරන්නෙ නිරූපිකාවන්ගෙ පියයුරුයි කලවා වලයි ෆොටෝ දාලා ඒවා තියෙන සින්දුනෙ.
ඒ නිසා අන්තිමට කියන්න තියෙන්නෙ සංයමයක් තියෙන සින්දු රසවිඳින්න රසිකයෝ විදිහට අපිවත් පෙළගැසිය යුතුයි කියන එක. එහෙම නැතුව මේ යන ට්‍රෙන්ඩ් එකට ගියොත් නම් ළඟදීම සම්පූර්ණයෙන්ම නිරුවත් දර්ශන සහිත මියුසික් වීඩියෝත් එයි. ඒ කියන්නෙ ත්‍රිපල් එක්ස් වර්ගයේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වර්ගයේ දර්ශන තියෙන ඒවා. ඒවත් ඉතින් යූ ටියුබ් වල මිලියන ගණන් වීව්ස් ඇවිත් හිට් වෙලා පැයෙන් දෙකෙන් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට යයි. හැබැයි ඉතින් ඒ කොහොම ඒවා හිට් වුණත් එහෙම හිට් වෙද්දි ගායකයා විතරක් නෙමෙයි අපේ රටේ නව පරපුරේ ගීත කලාවත් අඩි හතකටත් වඩා පොළොව යටට ගිහින් තියෙන බව නම් විශ්වාසයි.
කියවපු හැමෝටම ස්තූතියි!
ඊළඟ පෝස්ටුවෙන් හම්බෙමු!
මේ ලිපිය 2017.07.25 වන දින මව්බිම පත්තරේ “යං” අතිරේකයෙත් පළවුණා.
යාළුවනේ, මාගේ අලුත්ම ලිපි ගැන දැන ගන්න මගේ Facebook පිටුවට Like කරන්න. නැත්තම් ඔයාලගේ E-mail ලිපිනය Subscribe කරන්න.
7,983 total views, 3 views today