ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඩිප්ලෝමා පාඨමාලාවේ 11 වැනි කණ්ඩායමේ සිසුන්ගේ ප්රකාශනයක් වන AURA Digital Magazine ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී පසුගියදා එළිදක්වනු ලැබීය. මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා සහ පාඨමාලා සම්බන්ධීකාරක, සහකාර පුවත්පත් කොමසාරිස් දිල්හානි විජේරත්න මහත්මිය සහභාගි වූහ.
ඩී.ආර්.කේ.ටී බණ්ඩාර ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරන මෙම සඟරාවේ නියෝජ්‍ය කර්තෘ ලෙස ඩිල්කි සාරංගා පෙරේරා සහ නීති උපදේශක ලෙස නීතීඥ ඒ.පී. තිලකරත්න කටයුතු කරනු ලබයි. මාසිකව ප්‍රකාශයට පත්වන මෙම සඟරාවට පාඨමාලාවේ විද්‍යාර්ථින් විසින් විවිධ තේමා යටතේ ලියූ ලිපි රැසක් අන්තර්ගත වේ. Aura ඩිජිටල් සඟරාව පිළිබඳ වැඩි විස්තර Aura Digital Magazine ෆේස්බුක් පිටුවෙන් ලබාගත හැකිය.
Aura ඩිජිටල් සඟරාවේ පළමු කලාපය පහතින් කියවන්න.
![]()










අද බොහොමයක් තරුණ තරුණියන් මාධ්‍යයෙන් ඈත් වෙද්දි නව තාක්ෂණය යොදාගෙන ඔවුන්ව යළි කැදවාලන්නට මෙය හොද පිවිසුමක් වේවා…
අසංග – කොළොම්පුරේ
ස්තූතියි අයියා.