0

කොවිඩ් රෝගීන් මරණයට පත්වන දර්ශන හුවමාරු කිරීමෙන් වළකින්න

කොවිඩ් ආසාදිතව මේ දිනවල රෝගීන් ලක්ෂ ගණනින් මරණයට පත්වෙමින් තිබේ. ඔවුහු සිය අවසන් මොහොතේ දැඩි දුකක් විඳ මරණයට පත්වෙති. එම අවසන් මොහොත ඡායාරූප හෝ වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය තුළට මුදාහරින හා බෙදාහරින මානව විරෝධී මෙන්ම සදාචාර විරෝධී හැසිරීමක් මේ දිනවල දක්නට ලැබේ. යම් කෙනෙකු මරණයට පත්වන අවස්ථාව ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ අතිපෞද්ගලික, අධිසංවේදී අවස්ථාවකි. එමෙන්ම ඔහුගේ සමීපතමයින්ට ද එය එසේමය. එබැවින් එවැනි අවස්ථා වීඩියෝ හෝ ඡායාරූප ගතකර ඔවුන්ගේ ⁣අතිපෞද්ගලික ජීවිතය සමාජයට නිරාවරණය කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැත. එසේ මරණයට පත්වන්නේ ඔබේ සමීපතමයෙකු යැයි ඔබ මොහොතකට සිතන්න. එසේ නම් එවැනි අවස්ථාවක් ඔබ යළියළිත් සමාජ මාධ්‍ය තුළින් දැකීමේදී ඔබට ඇතිවන කම්පනය කෙබඳු වේද? එය කෙතරම් වේදනාකාරී අවස්ථාවක් වනු ඇත්ද? එම නිසා එවැනි වීඩියෝ හෝ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ දුටු සැනින් ඒවා මිතුරන් අතර හුවමාරු කිරීමෙන් ඔබ සිදුකරන සදාචාර විරෝධී ක්‍රියාවේ බරපතළකම අවබෝධ කර ගන්න. මිතුරෙකු ඔබට එවැන්නක් යොමුකළ හොත් ඊට ඔ⁣බේ විරෝධය ප්‍රකාශ කරන්න. ඔහුට හෝ ඇය⁣ට එම ක්‍රියාවේ මානව විරෝධී බව පෙන්වා දෙන්න. සමාජ මාධ්‍ය අවකාශයේ හිමිකරුවා ඔබයි. එහි පරිපාලකයා ඔබයි. එබැවින් එය වඩාත් මානව හිතකාමී, සාදාරණ මෙන්ම සදාචාර සම්පන්න අවකාශයක් බවට පත්කළ හැක්කේ ද ඔබට පමණි. මෙම කොරෝනා අධිවසංගත සමයේදී අපි අපේ සමාජ මාධ්‍ය වගකීම ඉටුකිරීමට කැපවෙමු. සමාජ මාධ්‍ය තුළ සතුට හා දුක බෙදාගන්නවා මෙන්ම තවත් අයෙකුගේ සතුට අහිමිකරන හැසිරීම්වලින් වළකිමු. නීති පනවා ඒ සදහා බලකිරීම වෙනුවට අපි අපේ ස්වයං විනය පවත්වාගමු.

 1,224 total views,  1 views today

Comments

comments