ලබන 16 වැනිදාට ජාතික ගුවන්විදුලිය ආරම්භ කර වසර 95 ක් සපිරෙයි. එනම් 1925 වසරේ නිල වශයෙන් සන්නිවේදන කටයුතු ඇරඹි ජාතික ගුවන්විදුලිය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම නාලිකා ගණනාවකින් ශ්රාවකයින්ට දැනුම, තොරතුරු හා වින්දනය සපයමින් ප්‍රමුඛතම රාජ්‍ය ගුවන්විදුලි මාධ්‍ය ආයතනය ලෙස සිය ජාතික වගකීම ඉටුකරමින් සිටියි.
සිය 95 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත. ගුවන්විදුලි ඉතිහාසය පිළිබඳ විවිධ මතක සටහන් ද සමාජ මාධ්‍ය අවකාශය තුළ මේ දිනවල හුවමාරු වෙමින් පවතින අතර අනාගත පරපුරට මෙම තොරතුරු ගෙනයාම කාලීන අවශ්‍යතාවකි.
මේ අනුව ජාතික ගුවන්විදුලියේ සංවත්සරය වෙනුවෙන් ලියවෙන ලිපි බ්ලොග් අඩවියකට එක් කිරීමේ අදහස මා තුළ ඇති වන්නේ සිංහල සේවා අධ්යක්ෂවරයා වන ඉන්දික ජයරත්න මහතා ජාතික ගුවන්විදුලිය ගැන ෆේස්බුක්හි ලියූ ලිපි පෙළේ වැදගත්කම හේතුවෙනි. බ්ලොග් අඩවියක ඒවා පළකිරීමේ අවශ්‍යතාව මා පෙන්වාදුන් පසු ඔහු ඒ පිළිබඳ සතුට ප්‍රකාශ කළ බැවින් ඔහුගේ ලිපි පළකරමින් මෙම බ්ලොග් අඩවිය ඇරඹුවෙමි. මේ වන විට එම ලිපි මෙන්ම ජාතික ගුවන්විදුලිය පිළිබඳ ලියවුණු තවත් ලිපි එම රචකයින්ගේ නමින් ඔවුන්ගේ පූර්ණ අවසරය සහිතව පළකර ඇත.
ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිත නිල වෙබ් සන්නාමයක් වන මාගේ Iranga.lk වෙබ් අඩවියේ උපවෙබ් ලිපිනයක් මෙම බ්ලොග් අඩවිය සදහා භාවිත කර ඇත. ඒ අනුව ජාතික ගුවන්විදුලියේ් 95 වැනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය වූ එම බ්ලොග් අඩවියට https:\\slbc95.iranga.lk ලිපිනයෙන් දැන් පිවිසිය හැකිය.
![]()










SpinPH5… here we go! Fingers crossed for a good run. Let’s see what this place has to offer! spinph5
I have been a fan of this site for quite some time now. The game selection is well organized and they consistently offer fair promotions. Customer service is friendly and handles every issue with care. A truly reliable gaming destination. bwinargentina
Login process is a breeze and the connection is very stable. No more annoying crashes during my sessions. Go to i444login.
I love that I can play anytime and anywhere. The 24/7 availability of inyono247 is exactly what I needed.