“Iranga.lk – නිදහස් සිතුවිලි අවකාශය” වෙබ් අඩවිය ආරම්භ කර මෙම වසරේ සැප්තැම්බර් 30 වැනිදා වන විට වසර 10 ක් සම්පූර්ණ වී තිබේ. ඒ වෙනුවෙන් මෙම වෙබ් අඩවිය නව මුහුණුවරකින් පරිශීලකයින් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. දෛනිකව ශාස්ත්‍රීය දැනුම ලබාගැනීමේ අරමුණින් මෙම වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයින්ට ඉතා පහසුවෙන් අවශ්‍ය තොරතුරු සොයාගැනීමට අවස්ථාව සැලසීම මෙහි මූලික අරමුණ වී තිබේ.
ඒ අනුව ශාස්ත්‍රීය ලිපි වඩාත් ඉක්මනින් සොයාගැනීමට වැඩි ප්රමුඛත්වයක් ලබාදෙමින් වෙබ් අඩවියේ මුල් පිටුව නිර්මාණය කර තිබේ. මුල් පිටුවේ වැඩි ඉඩක් සෙවුම් තීරුවට (Search Bar) වෙන්කරමින් ජනප්‍රිය සෙවුම් වදන් (Search Terms) ඉදිරිපත් කර පරිශීලකයින්ගේ දැනුමට අවශ්‍ය තොරතුරු ඇතුළත් ශාස්ත්‍රීය ලිපි වෙත ඉක්මනින් පිවිසීමට අවස්ථාව සලසා ඇත.
2015 සැප්තැම්බර් 30 වැනිදා Iranga.net වෙබ් ලිපිනය යටතේ ආරම්භ වී 2020 දෙසැම්බර් 07 වැනිදා සිට Iranga.lk වෙබ් ලිපිනය යටතේ ශ්‍රී ලාංකේය නිල වෙබ් අඩවි නාමාවලියට ඇතුළත්ව අඛණ්ඩව වසර 10 ක් පුරා ශාස්ත්‍රීය ලිපි ගණනාවක් මෙම වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත්කර ඇත. එම ශාස්ත්‍රීය දැනුමේ අවශ්‍යතාව සහ ඒවායේ වැදගත්කම එම ලිපි කියවීමට පරිශීලකයින් දෛනිකව මෙම වෙබ් අඩවියට පැමිණීම ඔස්සේ වඩාත් තහවුරු වී තිබේ.
ශ්‍රී ලාංකේය අන්තර්ජාල අවකාශයේ අඩුවක්ව පැවති සිංහල භාෂාවෙන් විධිමත් ශාස්ත්‍රීය දැනුම පරිශීලකයින්ට ලබාදීම මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීමේ මූලික අරමුණ විය. ඒ අනුව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය ලිපි ඇතුළු ඊට සමගාමී විෂය ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ශාස්ත්‍රීය ලිපි ගණනාවක් මෙම වෙබ් අඩවියේ පළකර ඇත. විශේෂයෙන්ම එම ක්ෂේත්රවලට අදාළව ප්‍රායෝගික අත්දැකීම් ඇසුරෙන් සිදුකරන විග්රහ කිරීම් සහිත ලිපි ද මෙම වෙබ් අඩවිය මගින් පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
ශාස්ත්‍රීය ලිපිවලට අමතරව සාහිත්‍ය කලා විචාර, සමාජ හා සංස්කෘතික විචාර සහ සරසවි ජීවිතය ඇතුළු විවිධ ජීවන අත්දැකීම් පිළිබද ලිපි ගණනාවක් ද මෙම වෙබ් අඩවියේ පළකර තිබේ. සමකාලීන සමාජ ප්රවණතා විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ විග්රහ කරමින් රචනා කර ඇති එම ලිපි ද පාඨකයින් අතර ජනප්‍රිය වී තිබේ.
මෙම වෙබ් අඩවිය ආරම්භ වන්නේ බ්ලොග් ලිවීම මෙරටේ වඩාත් ජනප්‍රියව පැවති අවධියකය. ඒ අනුව එවකට බ්ලොග්කරුවන් ඇගයීම පිණිස පැවති සම්මාන උළෙලවලදී මෙම වෙබ් අඩවියේ පළ වූ ලිපි සම්මානයට පාත්‍ර විය. මෙම වෙබ් අඩවියේ පළවූ “යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව” නමැති ලිපිය 2016 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දී හොඳම සාහිත්‍ය කලා විචාර ලිපිය දෙවන ස්ථානයට හිමි සම්මානය දිනා ගැනීම මෙම වෙබ් අඩවිය ලද සුවිශේෂී ජයග්‍රහණයකි.
ඉකුත් කොරෝනා සමයේ මාර්ගගත අධ්‍යාපනය වඩාත් ප්‍රචලිත වීම හේතුවෙන් බොහෝ පිරිසක් අන්තර්ජාලය ඔස්සේ දැනුම ලබාගැනීමට යොමුවූ බව දක්නට ලැබුණි. එම සමයේ මෙම වෙබ් අඩවියට පැමිණි පරිශීලකයින් සංඛ්‍යාවේ ඉහළ යෑමක් දෛනික පරිශීලක පැමිණීම පිළිබඳ දත්ත විශ්ලේෂණයේ දී නිරීක්ෂණය වූ අතර ඒ අනුව කොරෝනා සමයේ මාර්ගගතව දැනුම ලබාගැනීමේ අවශ්‍යතාව යම් ප්‍රමාණයකින් හෝ සැපිරීමට Iranga.lk වෙබ් අඩවියට හැකියාව ලැබීම පිළිබඳ සතුටට පත්වෙමි.
මෙසේ දශකයක් පුරා ශ්‍රී ලාංකේය අන්තර්ජාල අවකාශයේ සිංහල ශාස්ත්‍රීය දැනුම සොයන පරිශීලකයින් කේන්ද්‍ර කර ගනිමින් කිසිදු වාණිජ අපේක්ෂාවකින් තොරව කටයුතු කළ Iranga.lk වෙබ් අවකාශය ඉදිරියටත් එකී ශාස්ත්‍රීය අවශ්‍යතාව වෙනුවෙන් කැපවන බව අවසාන වශයෙන් සඳහන් කර සිටිමු.
![]()










සුබ පැතුම්
ස්තූතියි අයියා.