ඉතාලියේ බොලොඥ්ඤා විශ්වවිද්‍යාලයට (University of Bologna) Chiara Di Giambattista විසින් ““Presenting the future in the Digital Age. The semiotic convergence between art and IxD design in the practice of Future Casting” නමින් ඉතාලි බසින් ඉදිරිපත් කළ ශාස්ත්‍රපති උපාධි නිබන්ධය සඳහා මූලාශ්‍රයක් වශයෙන් මාගේ “තොරතුරු යුගයේ ත්‍රිත්ව අදියර සංකල්පය” ඇතුළත් කර තිබේ.
ඉතාලි බසින් රචනා කර ඇති මෙම ශාස්ත්‍රපති උපාධි නිබන්ධයේ පළමු පරිච්ඡේදයේ ඩිජිටල් යුගය පිළිබඳ පැහැදිලි කිරීම යටතේ 20 වැනි පිටුවේ “..සුරෝෂන ඉරංග විසින් සමාජ මාධ්‍ය සංස්කෘතිය කෘතිය මගින් ඩිජිටල් යුගය පිළිබඳ ත්‍රිත්ව ප්‍රකාශනයක් යෝජනා කර ඇත..” යනුවෙන් ඒ පිළිබඳ සඳහන් කර ඇත.
මෙම උපාධි නිබන්ධය ඉදිරිපත් කළ Chiara Di Giambattista මේ වන විට OpenCitations හි සන්නිවේදන අධ්‍යක්ෂ සහ ප්‍රජා සංවර්ධන කළමනාකාරිණියක ලෙස කටයුතු කරයි.
ඇගේ මෙම සම්පූර්ණ පර්යේෂණ නිබන්ධය Academia හා Zenodo වෙබ්අඩවිවල පළකර ඇත.
මා මේ සම්බන්ධයෙන් මාගේ LinkedIn ගිණුමේ තැබූ සටහන උපුටා දක්වමින් ශාස්ත්‍රීය සංකල්ප මත පදනම්ව ශාස්ත්‍රීය සමාජයේ ගොඩනැගෙන සම්බන්ධතාවන්හි වැදගත්කම පිළිබඳ ඇගේ LinkedIn ගිණුමට සටහනක් එක් කර ඇත.
“තොරතුරු යුගයේ ත්‍රිත්ව අදියර සංකල්පය” (Three stages of the Information Age) විදේශීය පර්යේෂණ විශ්විවිද්‍යාලයක ශාස්ත්‍රපති නිබන්ධයක් සඳහා එරට බසින් ඇතුළත් කර ඇති බවට මාගේ නිරීක්ෂණයට ලක්වූ ප්‍රථම අවස්ථාව වේ.
තොරතුරු යුගයේ ත්‍රිත්ව අදියර සංකල්පය” (Three stages of the Information Age) මූලාශ්‍රයක් ලෙස භාවිත කර ඇති ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා
● A Disorienting Dilemma: Teaching and Learning in Technology Education During a Time of Crisis
● New Media and Ideology: A Critical Perspective
● Impact of Digital Humanities and Literary Study in Electronic Era
154 total views, 2 views today