මාගේ වෙබ් අඩවියට වසර 10 ක් සපිරීම නිමිත්තෙන් මා පළකළ ලිපියට අසංග අයියා සුබ පැතුමක් එක්කර තිබුණා. අසංග කියන්නේ නිකන්ම අසංග නෙවෙයි. කොලොම්පුරේ අසංග. ඒ කියන්නේ කොලොම්පුරේ බ්ලොග් අඩවිය ලියන අසංග රණසිංහ ආරච්චි. ඉතින් ඒ සුබ පැතුම දැක්ක ගමන් අසංග අයියාට කෝල් එකක් ගත්තා. මොකද දීර්ඝ කාලීනව එයත් එක්ක තියෙන හිතවත්කම හින්දා. ඉතින් ඒ නිමිත්තත් එක්ක කාලයකට පස්සේ හිතුවක්කාර සිතුවිලිවලට මේ සටහන ලියන්න හිතුණා.
කොලොම්පුරේ අසංග අයියා කියන්නේ බ්ලොග් ලෝකයේ මට හම්බුණ හොඳ හිතවතෙක්.කාලයක් තිස්සේ අපි ලියන දේවල් එකිනෙකා කියවලා තිබුණට ඉස්සෙල්ලාම අපි හමබෙන්නේ 2017 දී තිබ්බ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලෙදී. බ්ලොග් කියවලා අන්වර්ථ නාමවලින් හඳුනාගෙන හිටපු ගොඩක් අය මට ඉස්සෙල්ලාම හම්බෙන්නෙ ඒ සම්මාන උළෙලට ගිහාම. අජිත් අයියා, අජිත් ධර්මකීර්ති ඇතුළු ගොඩක් බ්ලොග්කරුවන් දැනහඳුනා ගත්තේ එතෙන්දි.
බ්ලොග් ලෝකයේ දැවැන්ත චරිතයක් විදිහට මුලින්ම මං හඳුනාගන්නෙ නාලක ගුණවර්ධන මහත්තයාව. පසුව එතුමා එක්ක වෘත්තිමය වශයෙනුත් සම්බන්ධතා ගොඩනගා ගන්න ලැබෙනවා. බ්ලොග්කරණය පිළිබඳ එතුමාගේ විශ්ලේෂණ බ්ලොග් සම්බන්ධයෙන් විධිමත් හැදෑරීමක් කරන අයට ඉතාම වැදගත් වෙනවා. බ්ලොග් සම්මාන උළෙලේ දී එතුමා කරපු කතාව ඒකට නිදසුනක්. ඒක ඇසුරින් මං පුවත්පතකට ලියපු ලිපියක් මෙතනින් කියවන්න කියලා මං යෝජනා කරනවා.
මේ සටහන ලියන්න හේතුවුණ අසංග අයියාට ගත්ත කෝල් එකේදී අපි දෙන්නා ගොඩක් කතා වුණේ ඉස්සර බ්ලොග් ලියන්න නැඹුරු වෙලා හිටපු අය දැන් ගොඩක් ඒ්කෙන් ඈත් වෙලා කියලා. ඒ් කියන්නේ බ්ලොග් සංස්කෘතිය ඇතුළේ අපිට පූර්වාදර්ශ සපයපු ගොඩක් අය දැන් බ්ලොග්වලින් ඈත් වෙලා. අදටත් බ්ලොග් යම් ප්‍රමාණයක් ලියවෙනවා. නමුත් මීට වසර 10 කට විතර කලින් බ්ලොග්වලට තිබුණ තැන දැන් ගොඩක් අඩුවෙලා. ඇත්තටම ඒ් ගැන ලොකු කණගාටුවක් තියෙනවා.
අපි ලියන බ්ලොග් සටහන් කියවන්න බොහෝ පිරිසක් යොමුවුණේ බ්ලොග් සින්ඩිකේටර්වලින්. ඒ් කියන්නේ බ්ලොග් සටහන් ගොඩකට ගොඩකට යන්න තියෙන ලින්ක් තියෙන වෙබ් සයිට් වර්ගයක්. ඉස්සර එහෙම තිබ්බ බ්ලොග් සින්ඩිකේටර් සයිටුත් දැන් ගොඩක් නැවතිලා. මෑතක් වෙනකන්ම තිබ්බ Kottu.org සයිට් එකත් දැන් නෑ. තව සිතුවිලි කියලා ඒ් දවස්වල ගොඩක් ජනප්‍රිය සින්ඩිකේටර් සයිට් එකක් තිබ්බා. ඒ්කත් දැන් අවුරුදු ගණනාවකට කලින් නැවතුණා. තාමත් තියෙන ජනප්‍රියම බ්ලොග් සින්ඩිකේටර් සයිට් එක තමයි මාතලන්ගේ සින්ඩිය. ඊට අමතරව සිතුවිලි සටහන්, සඳකඩපහණ සින්ඩිය වගේ සින්ඩිකේටර් කිහිපයක් දැන් තියෙනවා.
බ්ලොග් යටපත් වෙන්න ගොඩක් හේතුවුණේ සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වය. බ්ලොග් ලියපු ගොඩක් අය ඊට පස්සෙ ඒ් දේවල් සමාජ මාධ්‍යවල ලියන්න පටන් ගත්තා. ඒ්කට එක හේතුවක් වුණේ සමාජ මාධ්‍යවල ලියන දේවල්වලට ලැබෙන ප්‍රතිචාර වැඩිවීම සහ වැඩි පිරිසක් අතරට ඒ් සටහන් යන එක. කොහොම වුණත් සමාජ මාධ්‍ය රැල්ලට අහුවෙන්නෙ නැතුව තාමත් බ්ලොග් ලියන පිරිසකුත් ඉන්න බව කියන්න ඕනෙ.
බ්ලොග් වල ලියපු ලිපි එකතු කරලා ඒවා පොත් විදිහට පළකරන සංස්කෘතියකුත් බ්ලොග් එක්ක හැදුණා. මාත් මගෙ “ජනමාධ්‍ය හා සමාජ විචාර” පොත පළකළේ එහෙම. හෙන්රි වර්ණකුලසූරිය අයියගේ නොකී කතා බ්ලොග් එකෙන් නොකී කතා පොත ආවා. ඒ වගේම අසංග අයියත් එයාගෙ කොලොම්පුරේ බ්ලොග් එකෙන් එහෙම එක පොතක් කරලා තියෙනවා.
කොහොම වුණත් බ්ලොග් ගැන කියන්න තවත් බොහෝ දේවල් තිබුණත් මේ සටහන මෙතනින් ඉවර කරන්න හිතුවා. බ්ලොග් ගැන මීට කලිනුත් මං ගොඩක් දේවල් ලියලා තියෙනවා. ඒ ලිපිත් පහළින් දාන්නම්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, බ්ලොග්.. ඒක හරිම සුන්දර මතකයක්…! කියලා විතරයි.
ආශ්රිත ලිපි
බ්ලොග් සම්මාන, බ්ලොග්කරුවන් හා බ්ලොග්කරණය හමුවේ ඇති අභියෝග
නූතන ජන විඥානයේ පදනම ගොඩනඟන “බ්ලොග්”
සියාමා නිසා යළි මුණගැසුණු බ්ලොග් සහෝදරත්වයේ සොඳුරු බැඳීම
තෙවසරක සිතුවිලි මෙහෙවරට ආශිර්වාද කළ පාඨක ඔබ සැමට ස්තූතියි..!
![]()










බ්ලොග් ලිවිල්ල සුන්දර මතකයක් වෙමින් යන්නේ. තට්ටයාගේ කොලම ලියන තට්ටයාත් ඩ්රැකීයත් එකතුවෙලා ආපහු නොලියවෙන බ්ලොග් ආපහු ලියවන්න හැදුවා නමුත් එය ටික දිනකින් යටපත් වෙලා ගියා. බ්ලොග්කරුවෝ කාර්යබහුල වෙලා.
නොබොදිනකින් මගේ බ්ලොග් එකෙත් මකුණු දැල්කඩලා ගන්න ඕනේ. ස්තුතියි මාවත් මතක්වුනාට දුරකතන ඇමතුමට.
අදහසට ස්තූතියි අයියා.