0

ලොවෙත් නැති ස්වාධීන මාධ්‍ය..!

සන්නස්ගලගේ මීඩියා – ලොන්ඩරිය නැරඹීමෙන් පසු මෙම අදහස පළකිරීමට සිතුනෙමි. ස්වාධීන මාධ්‍ය, ලෝකයේ කොහේවත් නැත. මාධ්‍යවේදීන් ද එසේමය. මෙය පරම සත්‍යයකි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන ගණනාවක සේවය කර ඇති මා හට ද මේ සම්බන්ධයෙන් අත්දැකීම් රැසක් ඇත. සන්නස්ගල මෙම වැඩසටහනේදී සදහන් කරන ඇතැම් පුද්ගලයින් සමග මා ද වෘත්තීය මට්ටමෙන් සබදතා පවත්වා ඇති අතර ඒ පිළිබඳ පෞද්ගලික අත්දැකීම් ගණනාවක් ද මම ලබා ඇත්තෙමි. වඩාත් දේශපාලනීකරණය වී ඇත්තේ රාජ්‍ය මාධ්‍ය ද එසේ නැතිනම් පෞද්ගලික මාධ්‍යදැයි කිසිවෙකු මාගෙන් විමසුවහොත් මා හට ඊට ලබාදිය හැකි පිළිතුර වන්නේ මෙම මාධ්‍ය ප්‍රවර්ග ද්විත්වයම එකම තරාදියක දැමුවහොත් දෙපැත්තේම බර සමාන වන බවයි. ඒ ඒ මාධ්‍ය ආයතනවල සේවය කිරීමේදී විවිධ පුද්ගල ප්‍රතිරූප මෙන්ම මතවාද ද ප්‍රවර්ධනය වෙනුවෙන් අපට කටයුතු කිරීමට සිදුවීම මාධ්‍ය වෘත්තියේ සාමාන්‍ය තත්ත්වයකි. එය පෞද්ගලික මතවාද පසෙකින් තබා කළ යුතු වෘත්තියකි. හෘද සාක්ෂිය මාධ්‍ය වෘත්තියට අදාළ නැත. ජනතාව වෙනුවෙන් මාධ්‍ය පෙනීසිටින බවට පුරසාරම් දෙඩුවද එය හුදු වාගාලංකාරයක් මිස යථාර්ථයක් නොවේ. මෙම කටුක සත්‍යය සමාජය තේරුම් නොගන්නා තෙක් මාධ්‍යකරුවන්ට ජනතාව ඇන්දීම පහසුය. ජනතාවට මෙය අවබෝධ කරදීම චින්තන විප්ලවයක් බව අවසාන වශයෙන් පැවසිය යුතුය.

 1,264 total views,  1 views today

Comments

comments