චීනය ලොව දෙවන ආර්ථික බලවතා බවට පත් වූයේ කොමියුනිස්ට් පක්ෂයේ නිවැරදි පාලන ක්‍රමවේදය නිසා බව ප්‍රසිද්ධ දේශක හා ශාස්ත්‍රීය ලේඛක සුරෝෂන ඉරංග මහතා පවසයි. ශත සංවත්සරය සමරන චීන කොමියුනිස්ට් පක්ෂයට සුභ පැතුම් පිරිනමමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මාවෝ සේතුං ශ්‍රේෂ්ඨ නායකයා විසින් ආරම්භ කරන ලද එම වැඩපිළිවෙල ප්‍රතිසංස්කරණ සහිතව ඉදිරියට ගෙන යනු ලැබුවේ තවත් ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ ඩෙන් සියාඕපිං මහතා විසිනි. වත්මන් ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් එම සංවර්ධනය වඩාත් කාර්යක්ෂම ලෙස තවදුරටත් ඉදිරියට මෙහෙයවීය.මේ වන විට චීන ආයෝජන ලොව විවිධ රටවලට ව්‍යාප්ත වී තිබේ. අන්තර්ජාතික වෙළඳාම තුළ චීනයේ දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
චීනය මෙම සියලු ජයග්‍රහණ ලබා ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළයි. කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ මේ වන විට චීනය සියලු අංශ වලින් ඉදිරියට පැමිණ ඇති බව සුරෝෂන ඉරංග මහතා පෙන්වා දෙයි.
උපුටා ගැනීම: http://sinhalese.cri.cn/20210527/f738ac70-3739-f706-1c79-ab2dbc328122.html
997 total views, 1 views today