0

මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් වෙනුවෙන් නව YouTube නාලිකාවක්

  • September 3, 2022

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් ගොඩනැගූ දැනුම සංරක්ෂණයට නව YouTube නාලිකාවක් ආරම්භ කර තිබේ. “සංහතික”ලෙස නම්කර ඇති මෙම YouTube නාලිකාව රජයේ චිත්‍රපට ඒකකයේ (GFU) සේවයේ නියුතු ශ්‍රී පාලි මණ්ඩපයේ ආදි විද්‍යාර්ථින් පිරිසකගේ නිර්මාණයකි.

මෙම YouTube නාලිකාවේ නිර්මාණකරුවන් සඳහන් කරන පරිදි මූලික අරමුණු ද්විත්වයක් මත පදනම්ව “සංහතික” YouTube නාලිකාව ආරම්භ කර තිබේ. ඉන් පළමුවැන්න ලෙස ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ජන සමාජයට මාධ්‍ය අධ්‍යාපනය ලබාදීම සඳහා අවකාශයක් නිර්මාණය කිරීමය. තව ද මෙරට මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා දායාද කළ දැනුම් පද්ධතිය සයිබර් අවකාශයේ සංරක්ෂණය කිරීම මෙම නාලිකාව ආරම්භ කිරීමේ අනෙකුත් ප්‍රමුඛතම අරමුණ වේ.

මෙරට ජනමාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නිරත වන මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා මෙරටින් බිහිවූ ප්‍රමුඛ පෙළේ විද්වතෙකි. ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපතිවරයෙකු ද වන හෙතෙම නව ජනමාධ්‍ය අධ්‍යයන සංස්කෘතියක් ගොඩනැගීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ ආචාර්යවරයෙකි. මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ජනමාධ්‍ය අධ්‍යයනයට අතිශය වැදගත් වන කෘති රැසක් ද රචනා කර තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද ඒ මහතා ක්ෂේත්‍ර ගණනාවක කැපීපෙනෙන කාර්යභාරයක නිරත වෙමින් අනුපමේය සේවයක් ඉටුකරමින් සිටියි.

පහත සබැඳියෙන් “සංහතික” YouTube නාලිකාවට පිවිසිය හැකිය.
Sanhathika | සංහතික – YouTube Channel

 3,334 total views,  1 views today

Comments

comments