මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතා රචනා කළ “මාධ්‍ය පර්යේෂණ” ශාස්ත්‍රීය කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී අද (07) පස්වරු 3.00 ට සිදුකෙරේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා “ජනමාධ්‍ය පර්යේෂණ සංස්කෘතියක කාලීන අවශ්‍යතාවය” මැයෙන් එහි ආරාධිත දේශනය පවත්වනු ලැබේ.
මහාචාර්ය ආරියරත්න ඇතුගල සහ ආචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්වරු ද උළෙලේ ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය.
කොළඹ විශ්විවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතා ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපතිවරයාය.
1,727 total views, 1 views today