ශ්‍රී ලංකාවේ පුවත්පත් පාඨකත්වය පිළිබඳ නවතම පර්යේෂණ වාර්තාවක් “Print Media Readership Survey 2024 in Sri Lanka” මැයෙන් අද එළිදක්වනු ලැබීය. විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාලය ප්රමුඛ කරගත් සමාජ මාධ්‍ය වැනි සංඛ්‍යාක මාධ්‍ය හමුවේ අභියෝගයට ලක්ව ඇති පුවත්පත් මාධ්‍ය කර්මාන්තය සඳහා වන පාඨකත්වය මෙමඟින් පර්යේෂණයට ලක්කර ඇති අතර, ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් කැලණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවක විද්වතුන්ගේ සහ විද්‍යාර්ථින්ගේ දායකත්වයෙන් මෙම පර්යේෂණය සිදුකර තිබේ.
මෙම පර්යේෂණයේ නියැඳිය ලෙස දිවයිනම ආවරණය වන ලෙස සියලු පළාත් නියෝජනය වන පරිදි 2000 ක පිරිසක් සහභාගි කරගෙන තිබේ. කෙසේ වෙතත් නියැඳිය වෙත පර්යේෂණ ප්‍රශ්න යොමු කිරීමේදී 13,989 ක පිරිසක් පුවත්පත් කියවීම සිදුනොකරන බව ප්‍රකාශ කර ඇත. නියැඳිය මත පදනම්ව පර්යේෂණයේ ප්‍රතිඵල අනුව 12.5% ක පිරිසක් පුවත්පත් කියවන බව අනාවරණය වී තිබේ.
පර්යේෂණය අනුව 34% ක ප්‍රමාණයක් සතිපතා පුවපත්පත් මිලදී ගැනීම සිදුකරන අතර 24% ක ප්‍රමාණයක් සතියකට කිහිපවතාවක් පුවත්පත් මිලදී ගැනීම සිදුකරයි. තව ද 27% ක් දෛනිකව පුවත්පත් මිලදී ගැනීම සිදුකරයි.
ප්රවෘත්ති කියවීමේ අරමුණින් 71% ක පිරිසක් පුවපත්පත් මිලදී ගන්නා අතර විනෝදාස්වාදය ලබාගැනීමේ අරමුණින් 11% ක පිරිසක් පුවපත්පත් මිලදී ගැනීම සිදුකරති. තව ද විශේෂාංග කියවීම සඳහා පුවපත්පත් මිලදී ගන්නා ප්‍රමාණය 5% කි.
පාඨකයින් 84% ක් එක් පුවත්පතක සිට තවත් පුවත්පතක් කියවීම සඳහා යොමු නොවන බව ප්‍රකාශ කර ඇති අතර එසේ යොමුවන පිරිස 16% කි.
මෙම පර්යේෂණය මගින් අනාවරණය වී ඇති පරිදි විවිධ ආයතන විසින් ප්‍රකාශයට පත්කරන විවිධ පුවපත්පත් සඳහා දක්වන පාඨක රුචිකත්වය මෙසේ වේ. ඒ අනුව දිනපතා ලංකාදීප පුවපත්පත කියවන ප්‍රමාණය 40% ක් වන අතර මව්බිම පුවපත්පත 16% හා මොනරා පුවපත්පත 8% ක පාඨකයින් සංඛ්‍යාවක් කියවනු ලබයි. සතිපතා පුවපත්පත් අතරින් ඉරිදා ලංකාදීප පුවපත්පත 49% ක පාඨක රුචිකත්වයක් හිමිකර ගෙන සිටින අතර මොනරා සහ මව්බිම පුවත්පත් පිළිවෙලින් 11% ක හා 8% ක පාඨක රුචිකත්වයක් හිමිකරගෙන සිටියි.
ඒ අනුව මෙම සංඛ්‍යාලේඛන ද සහිතව ශ්‍රී ලංකාවේ පුවපත්පත් පාඨකත්වයට හා පුවත්පත් කර්මාන්තයට අදාළ වන වැදගත් තොරතුරු ගණනාවක් මෙම පර්යේෂණය මගින් අනාවරණය කර තිබේ.
විශේෂයෙන්ම මෙම පර්යේෂණය ශ්‍රී ලංකාවේ පුවපත්පත් කර්මාන්තයේ වත්මන් දිශානතිය සහ එහි අනාගතය පිළිබඳ පුරෝකථනය සඳහා අතිශය වැදගත් සම්ප්රදානයක් සිදුකර තිබේ. වසරක් පාසා මෙම පර්යේෂණය පැවැත්වීම මෙහි පර්යේෂකයින්ගේ අරමුණ වන අතර, ඒ අනුව මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ඇතුළු ඉදිරි පර්යේෂණවල ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ පුවපත්පත් කර්මාන්තයේ උන්නතිය උදෙසා යොදාගැනීමට හැකිවනු නොඅනුමානය.
මෙම සම්පූර්ණ වාර්තාව ලබාගැනීමට පහතින් පිවිසෙන්න.
Print Media Readership Survey 2024 in Sri Lanka: Demography, Content Preferences and Behavioral Insights for a Loyal Readership Base
449 total views, 1 views today