ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල වෙබ් අඩවියක් ලෙස මීට දින කිහිපයකට පෙර Iranga.lk සන්නාමය හිමිකර ගත් මාගේ “නිදහස් සිතුවිලි අවකාශය” වෙබ් අඩවිය දේශීය වෙබ් ඉතිහාසයේ තවත් සුවිශේෂී කඩයිමකට ළඟා වෙමින් ස්වදේශීය භාෂා වෙබ් ලිපින ප්‍රමිතිකරණය යටතේ “ඉරංග.ලංකා” සිංහල ඩොමේන් නාමය හිමිකර ගන්නා ලදි. සිංහල බසින් ශාස්ත්‍රීය දැනුම ලබාගැනීමට අන්තර්ජාලයේ පැවති අඩුව සම්පූර්ණ කරමින් 2015 වසරේදී Iranga.net ලෙස ඇරඹුණු මෙම වෙබ් අඩවිය මෙසේ සිංහල වෙබ් ලිපින නාමාවලියට එක්වීම මෙහි ශාස්ත්‍රීය මෙහෙවරට ලද සුවිශේෂී ඇගයීමක් මම සලකමි.
ගතවූ පස් වසර තුළ Iranga.net බ්ලොග් අඩවියක් ලෙස ද සම්මානයට සහ පාඨක අවධානයට ලක්විය. ඒ අනුව සැලකීමේදී මෙරට බ්ලොග් අඩවියකට සිංහල ඩොමේන් නාමයක් ලද ප්‍රථම සහ එකම අවස්ථාව මෙය බව මාගේ විශ්වාසයයි. බ්ලොග් රචනය සහ බ්ලොග් කියවීම සමාජ මාධ්‍යවල බලපෑම හමුවේ අභාවයට යමින් පැවතියද මිනිස් සිතුවිලි නිදහස්ව ඉදිරිපත් කළ හැකි හා එය අන්තර්ජාලයේ සංරක්ෂණය කෙරෙන එකම මාධ්‍යය බ්ලොග් අඩවි බව මාගේ අදහසයි. එබැවින් බ්ලොග් රචකයින් සහ බ්ලොග් පාඨකයින් අතර පැවති එම අන්‍යෝන්‍ය බැඳීම ඉදිරියටත් පැවතිය යුතුය. “ඉරංග.ලංකා” බ්ලොග් අඩවියක් ලෙස ද එම බැඳීම අනාගතයටත් රැගෙන යන බව මෙහිදී සිහිපත් කළ යුතුය.
අවසාන වශයෙන් Iranga.net වසර 5 ක් පසු කරමින් පැමිණි ගමන සහ ශ්‍රී ලාංකේය නිල වෙබ් නියෝජනයක් ලෙස Iranga.lk ලෙස එය පිළිගැනීමට ලක්වීමත් ඉන් අනතුරුව “ඉරංග.ලංකා” ලෙස සිංහල ඩොමේන් නාමය ඊට ලැබීමත් පසුපස සිටින යෝධ ශක්තිය දිනපතා මෙයට පැමිණෙන පාඨක ප්‍රජාව බව පැවසිය යුතුය. මා උගත් සහ වර්ධනය කරගත් දැනුම කිසිදු ආර්ථික ලාභයක් නොලබා හුදෙක් ආත්ම තෘප්තිය පිණිස බෙදාදීම සඳහා මෙම වෙබ් අඩවිය මා පවත්වාගෙන යනු ලබන්නේ ඔවුන් වෙනුවෙනි. ඊට බොහෝ ප්‍රශංසා මෙන්ම කෘතඥතා ද ලැබෙන නමුත් ඒවා කිසි විටෙකත් ප්‍රචාරය කිරීම නොකළ යුතු බව මාගේ හැඟීමයි. එම සියලු සතුටුදායක තත්ත්වයන් හමුවේ ඉදිරියටත් “ඉරංග.ලංකා” සහ Iranga.lk නමින් මෙය පවත්වාගෙන යන බව සඳහන් කරමි.
දැන් පිවිසෙන්න: ඉරංග.ලංකා
1,353 total views, 3 views today
සුබ පැතුම්
ස්තූතියි අයියා