0

2021 ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව කොතැනද?

2021 ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය ඉකුත් 23 වැනිදා නිකුත් කෙරුණා. එම වාර්තාවට අනුව රටවල් 130 කට වැඩි සංඛ්‍යාවක ජනමාධ්‍යකරණය මේ වන විට අවහිර කර ඇත. ඊට හේතුව ලෙස සදහන් වන්නේ ජනමාධ්‍යවේදීන්ට තොරතුරු සහ මූලාශ්‍ර වෙත ප්‍රවේශ වීම ඇහිරීමට පවත්නා කොරෝනා වසංගත තත්ත්වය යොදාගෙන තිබීමයි. වසංගත තත්ත්වය අවසන් වීමෙන් පසු මෙම ප්‍රවේශය යළි විවෘත වේද? මෙම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ආසියා, යුරෝපා සහ මැදපෙරදිග රටවල සංවේදී පුවත් වාර්තා කිරීම ජනමාධ්‍යවේදීන්ට වඩාත් දුෂ්කර වී ඇති බවයි. වැරදි ප්‍රචාරවලට එරෙහි හොඳම එන්නත ජනමාධ්‍යකරණයයි. කෙ⁣සේ වෙතත් විවිධ දේශපාලනික, ආර්ථික හා තාක්ෂණික හේතු මත එය මේ වන විට අවහිර වී තිබේ. මෙම වාර්තාවට අනුව කොරෝනා වසංගතයෙන් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ උප සහරා අප්‍රිකාවේ රටවල් 48 කින් රටවල් 23 ක ජනමාධ්‍යකරණය නරක හෝ ඉතා නරක තත්ත්වයට පත්ව ඇත.

මෙම නවතම වාර්තාවේ ශ්‍රී ලංකාව හිමිකර ගෙන ඇති ස්ථානය කුමක්ද? ඒ අනුව රටවල් 180 ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 127 වැනි ස්ථානයේය. මෙහි විශේෂත්වය වන්නේ 2020 වසරේ ද ශ්‍රී ලංකාව 127 වැනි ස්ථානයේම පසුවීමයි. 2014 සහ 2015 වසරවල 165 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2016 සහ 2017 වසරවල 141 වැනි ස්ථානයට පත්වූ අතර 2018 වසරේදී 131 වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව 2019 වසරේදී 126 වැනි ස්ථානයට පත්වී මේ වන විට 127 වැනි ස්ථානයේ රැදී සිටී. මෙම වාර්තාවේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් නෝර්වේ, පින්ලන්තය හා ස්වීඩනය යන රටවල් හිමිකර ගෙන සිටින අතර අසල්වැසි ඉන්දියාවට වාර්තාවේ 142 වැනි ස්ථානය හිමිවී ඇත. අමෙරිකාව 44 වැනි ස්ථානයේ පසුවන අතර බ්‍රිතාන්‍යය පසුවන්නේ 33 වැනි ස්ථානයේය. මෙම සම්පූර්ණ වාර්තාව https://rsf.org/en/ranking වෙතින් කියවිය හැකිය.

ආශ්‍රිත කියවීම්
50 Key Stats About Freedom of the Internet Around the World

 1,596 total views,  1 views today

Comments

comments